රජ දෙරත් මහ හොරකම් සිදුවෙනවා

Spread the love

මේ පාලනය මොකක්‌ද ජනතාවාදීද? ඒ ගොල්ලෝ වෙනුවෙන් හදාගත්ත පාලනයක්‌ පමණයි. මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණා දුව පාර්ලිමේන්තු යවන්න. මහින්ද මහත්තයා ජනාධිපති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. බර්ටි මහ ඇමැති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. හොයලා බලන්න. ඒ ගොල්ලෝ ආණ්‌ඩු හදාගත්තේ ඒගොල්ල වෙනුවෙන්. අපි ආණ්‌ඩුවක්‌ හදන්න ඕන ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් පාලනයක්‌. කොහෙද මංකොල්ලකෑම් තියෙන්නේ හොරකම් තියෙන්නේ. රජ ගෙවල්වල. මේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු බොරලු පාරකින් ගහනකොට කෑ ගහනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ ලොකුම හොරකම් තියෙන්නේ රජ ගෙවල්වල. පසුගියදා එළිවුණා මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ජනාධිපතිවරණයේදී ඩොලර් මිලියන 7.6 ක්‌ ඒ කියන්නේ රුපියල් කෝටි එකසිය දහයක්‌ චීන සමාගමකින් දුන්නා කියලා. එතුමා ප්‍රතික්‌ෂේප කරේ නෑ.’ ජනතා විමුක්‌ති පෙරමුණේ නායකයා මේ බව පැවසුවේ පොලොන්නරුව රාමඩා හෝටලයේදී පැවැති රට රකින රට හදන ජනතාවාදී පාලනයක්‌ යන මැයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

“මේ රටේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට විද්වතුන්ගේ සහාය නැති විදියට අප වටා විද්වතුන් අද එක්‌වෙලා තිබෙනවා. එදා මහරගමදීත් අප හා එක්‌ වුණා. ඉතිහාසයේ කවදාකවත් මේ වගේ විද්වතුන්ගේ සහායක්‌ කිසිම දේශපාලන ව්‍යාපාරයකට ලැබිලා නෑ. ඒක නිසා ලොකු හිසක්‌ හදන්න ඕන. අපි ඒකට ලෑස්‌තියි. පක්‍ෂයේ ඉන්න වෘත්තීයවේදීන් විදියට ඉන්න පිරිස්‌ සමඟ. තමුන්නාන්සේලා ඇහුවොත් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය භාරගන්නේ කවුද කියලා අන්න ඒකට වෘත්තීයවේදීන් ඉන්නවා. ආණ්‌ඩුවක අපේ කාර්යභාරය දේශපාලන පරිපාලනය. ඒ ක්‌ෂේත්‍රවල පාලනය ඒ ක්‌ෂේත්‍රවල විද්වතුන් භාරගන්න ඕන. ඒක තමයි අපි මේ පටන් අරන් තියෙන්නේ. රට ගොඩනැඟීම සඳහා අපි දේශපාලන පරිපාලනය කරනවා.

ලංකාවේ ඉතාමත් දියුණුතම කැබිනට්‌ මණ්‌ඩලයක්‌ හදන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ පාලනයක්‌ යටතේ. අද මොකක්‌ද කැබිනට්‌ මණ්‌ඩලය කියලා කියන්නේ වයසට අනුව දෙන එකක්‌. ජයවික්‍රම පෙරේරාට වයසයි ලොකු එකක්‌ දෙන්න ඕන. ජෝන් අමරතුංගට වයසයි ලොකු එකක්‌ දෙන්න ඕන. දක්‍ෂතාව හැකියාව කළමනාකරණය කිසිවක්‌ නෑ. ඒක නිසා අපි හොඳ හිසක්‌ හදනවා. හැබැයි කොච්චර හොඳ හිසක්‌ හැදුවත් වැඩක්‌ නෑ. ජනතාව ලක්‍ෂ ගණන් ඉන්නේ ගම්මානවල, ඒ අයගේ සහාය මේකට නැත්නම්. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඔක්‌කොම ආවත් දොස්‌තරලා ඔක්‌කොම ආවත් සාහිත්‍යධරයන් ඔක්‌කොම ආවත් දහස්‌ ගණනක්‌ ඇති. ලක්‍ෂ ගණනක්‌ ජනතාව ඉන්නේ ගම්වල. ගම්වල ජනතාව එකතු වෙන්නේ නැතිතාක්‌කල් මේක ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා මෙහි කාර්යභාරය අපිට වඩා දැන් තිබෙන්නේ ඔබේ අතේ.

ඔබ මේ වැඩේ කරන්න ලෑස්‌ති නම් මේක දිනන්න පුළුවන්. ඔබ ලෑස්‌ති නැත්නම් තව කල් යන්න පුළුවන්. අපි හිතනවා හොඳම අවස්‌ථාව 2020 කියලා. අපි හොඳ වැඩපිළිවෙළක්‌ ඉදිරිත් කරනවා. හොඳ බල පිරිසක්‌ දානවා. මේ විදියට මාසයක්‌ පුරා හැම ගමකටම ගිහිල්ලා ජනතාවට ආරාධනා කරනවා මේ අභියෝගය ජයගන්න අපි වෙත එන්න කියලා. මේ රට රකින්න ඕන කාගෙන්ද? විජයකලාගෙන්ද? දැන් පසුගිය කාලේ ලොකුම කොටිදෙන විජයකලා. එල්ලලා ඝාතනය නොකළා විතරයි. විජයකලාට පුළුවන් කොටි හදන්න. කොටි ඉන්න කාලෙත් කොටි නෙමෙයි, විජයකලාගේ මහත්තයා මහේෂ්වරන් ඒ නයින් වැහුවා. ගොඩබිමින් භාණ්‌ඩ ගෙනයන එක නැවතුනා. මහේෂ්වරන්ට නැව් තිබ්බා. භූමිතෙල් යාපනේට අරන් ගිහිල්ලා වැඩි මිලට වික්‌කා. ඒ කාලේ මහේෂ්වරන්ට කිව්වේ භූමිතෙල් මහේෂ්වරන් කියලා. ඒ අය කොටි නැගිට්‌ටුවයි. කොටි කාලෙත් නැතුව දැන් මොකද කළේ. අරහෙම කියලා ඔක්‌කොම දාලා ඊළඟ සතියේ ලන්ඩන්. ඒගොල්ලන්ගේ පදිංචිය තියෙන්නේ එහෙ. ඒ අය දේශපාලනය සඳහා ජාතිවාදය වපුරන අය. මෙහෙත් දේශපාලනය සඳහා ජාතිවාදය වපුරනවා. අපට කියනවා උතුරට එරෙහිව නැගී සිටින්න දෙමළට එරෙහිව නැගී සිටින්න. මම එක සහතිකයක්‌ දෙන්නම්. උතුරේ යළි සන්නද්ධ ව්‍යාපාරයක්‌ ගොඩනැඟෙන්නේ නෑ අපි හරියට වැඩකරොත් සහතිකයි.

උතුරේ අම්මා තාත්තා දරුවෝ හදන්නේ යුද්දෙට ද? ඒ අයට හොඳ බලාපොරොත්තු තියෙනවා. දරුවට හොඳ අධ්‍යාපනයක්‌, හොඳ රැකියාවක්‌, හොඳ විවාහයක්‌…උතුරේ ජනතාවත් දරුවන් හදන්නේ එහෙම බලාපොරොත්තු තියාගෙන. දකුණේ චිත්‍රයක්‌ හදනවා උතුරේ නම් දරුවෝ හදන්නේ යුද්දෙටමයි. නෑ යළි උතුරේ යුද්ධයක්‌ ඇතිවෙනවා නම් ඒකට විශාලතම විරෝධය උතුරේ ජනතාවමයි. ඒ අය ඒකට තල්ලු කරන්න එපා. යුද්ධයෙන් වැඩිම බැට කෑවේ ඒ අය. දෙමළ සන්නද්ධ කණ්‌ඩායම් කණ්‌ඩායම් ගහගත්තා. එල්. ටී. ටී. ඊ. ප්ලොට්‌ ගහගත්තා. එල්. ටී. ටී. ඊ, ඊ. පී. ඩී. පී. ගහගත්තා. එල්. ටී. ටී. ඊ, ඊ. පී. ආර්. එල්. එµa ගහගත්තා. ඒගොල්ලො ඒ ගොල්ලෝ ගහගෙන විශාල ප්‍රමණයක්‌ මැරුණා. ඉන්දියන් හමුදාව ගැහුවා. ලංකාවේ හමුදාව අතින් දේපළ, ජීවිත විනාශ වුණා. ඒක නිසා 30 අවුරුදු යුද්ධයෙන් උතුරේ විතරක්‌ ඉන්නවා යුද වැන්දඹුවන් 45,000 ක්‌. යළි යුද්ධයකට යයිද? නෑ කවදාවත් නෑ. අපට ප්‍රශ්නයක්‌ තියෙන්නේ අද උතුරේ ජනතාව එක්‌කවත් මුස්‌ලිම් ජනතාව එක්‌කවත් ප්‍රශ්නයක්‌ නෙමෙයි. කවුද රට පාලනය කරන්නේ. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන එක්‌ක ප්‍රශ්නයක්‌ ආවොත් කවුද මැදිහත් වෙන්නේ අමෙරිකන් තානාපති. එයා ඇවිල්ලා කියනවා මේ රණ්‌ඩු වෙන්න එපා. එහෙම වුණොත් අපට අප්සෙට්‌. ඉන්දියාව ඇවිත් උපදෙස්‌ දෙන්නේ.

ඒ නිසා අපි දේශපාලනික වශයෙන් ස්‌වාධීන නෑ. ආථික වශයෙන් ස්‌වාධීන නෑ. ඒ නිසා ඇත්ත නිදහස්‌ රටක්‌ ඕන අපට. අන්න ඒ නිදහස්‌ රට දිනාගැනීම සඳහා නව පන්නයේ නිදහස්‌ අරගලයක්‌ ඕන. ඒකට ජනතාවාදී පාලනයක්‌ ඕන. මේ පාලනය මොකක්‌ද ජනතාවාදීද? ඒ ගොල්ලෝ වෙනුවෙන් හදාගත්ත පාලනයක්‌ පමණයි. මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණා දුව පාර්ලිමේන්තු යවන්න. මහින්ද මහත්තයා ජනාධිපති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. බර්ටි මහ ඇමැති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. හොයලා බලන්න. ඒ ගොල්ලෝ ආණ්‌ඩු හදාගත්තේ ඒගොල්ල වෙනුවෙන්. අපි ආණ්‌ඩුවක්‌ හදන්න ඕන ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් පාලනයක්‌. කොහෙද මංකොල්ලකෑම් තියෙන්නේ හොරකම් තියෙන්නේ. රජ ගෙවල්වල. මේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු බොරලු පාරකින් ගහනකොට කෑ ගහනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ ලොකුම හොරකම් තියෙන්නේ රජ ගෙවල්වල. පසුගියදා එළිවුණා මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ජනාධිපතිවරණයේදී ඩොලර් මිලියන 7.6 ක්‌ ඒ කියන්නේ රුපියල් කෝටි එකසිය දහයක්‌ චීන සමාගමකින් දුන්නා කියලා. එතුමා ප්‍රතික්‌ෂේප කරේ නෑ.

විශාල චෙක්‌පත් ප්‍රමාණයක්‌ චෙක්‌පත් අංක ඒවා මාරු කරපු බැංකු මාරු කරපු කෙනා මාරු කරලා දාපු ගිණුම ඔක්‌කොම පාර්ලිමේන්තුවේ කිව්වා මෙන්න විස්‌තරේ කියලා. දැන් මහින්ද මහත්තයාට මොකටද මේවා දෙන්නේ. අපට කිසි ප්‍රශ්නයක්‌ නෑ මේ මුදල මැදමුලනේ මහින්දට දුන්නා නම්. මේ දුන්නේ කාටද ජනාධිපති මහින්දට. මේවා මොන සමාගම් ද ලංකාවේ වරාය හදපු එකක්‌. ගුවන්තොටුපළ හදපු එකක්‌. නොරොච්චෝලේ හදපු සමාගමක්‌. කොළඹ දකුණු වරාය හදපු සමාගමක්‌. ඒවා හදපු සමාගම් මහින්දට සල්ලි දෙනවා. එතකොට අපට සාධාරණ සැකයක්‌ ඇතිවෙන්නේ නැද්ද මේවා හැදුවෙම සල්ලි ගන්න කියලා. ඒවලින් ප්‍රතිලාභයක්‌ ලැබෙන්නෙත් නෑනෙ අපට. ඒ නිසා සාධාරණ සැකයක්‌ ඇතිවෙනවා. මේවා හැදුවෙම සල්ලි ගන්න. නැත්නම් චීනෙට මොකක්‌ද තියෙන කැක්‌කුම ජනාධිපතිලාට සල්ලි දෙන්න.

ජනාධිපතිලා අද කොමිස්‌ ගන්නේ මතක තබාගන්න. රටේ තීන්දු ගන්න ජනවරමකින් ජනාධිපතිවරයෙක්‌ පත්කර ගන්නවා. ඒ ජනාධිපතිවරයා සල්ලිවලට ගන්නවා සමාගම්. ඔන්න පාලකයෝ. හොරකම තියෙන්නේ එතන. අර බැඳුම්කර ගනුදෙනුවට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයි, ඒක හංගන්න දෙයක්‌ නෑ. එයාගේ යාළුවො ගෙනල්ලා වාසිකරගත්තා මහ බැංකුවේ. හොරකම කළේ පෙබරවාරි 27. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්‌ අහනවා මාර්තු 16 දා. එයා රැක්‌කා එහෙම දෙයක්‌ වුණේ නෑ කියලා. හොරකම අහු වුණාට පස්‌සේ පැනලා ගියා සිංගප්පූරුවට. ගෙනාවෙත් රනිල් ආරක්‍ෂා කළෙත් රනිල් අහු වුණාට පස්‌සේ පැනලා යන්න දුන්නෙත් රනිල්. මේවා මේ නඩු යන්න ඕන කාරණා නෙමෙයි. නිකං වටපිටාවේ සාක්‍ෂි පරිවේෂණ සාක්‍ෂිවලින් ඔප්පු වෙන ඒවා.

RSL

Related Posts