QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද සිට දිවයින පුරා ආරම්භ වෙයි
- RSL
- July 25, 2022
- පුවත් සහ වාර්තා
- 0 Comments
QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (25) සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ් අනුව අද දිනයේ සිට වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ QR ඉන්ධන අවසරපත්‍රය යන දෙකම පරික්ෂා කරන බවයි බලශක්ති අමාත්‍යවරයා පෙර නිවේදනය කළේ.
අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර, යතුරුපැදි සඳහා රු.1500ක්, ත්‍රිරෝද රථ සඳහා රු.2000ක් සහ අනෙකුත් වාහන සඳහා රු.7000ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

