ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව සෙනසුරාදා අන්දමන් මුහුදේදී සමුද්‍රීය හවුල්කාරිත්ව අභ්‍යාසයක් පවත්වන ලදී.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසූයේ මෙහෙයුම අන්තර් ක්‍රියාකාරිත්වයේ කොටසක් ලෙස නාවික ක්‍රියාකාරකම්, ගුවන් යානා මෙහෙයුම් සහ උපායශීලී මෙහෙයුම් ඇතුළු විවිධ අභ්‍යාසවල නිරත වූ බවයි. මෙම අභ්‍යාසය සඳහා අයි.එන්.එස් සුකන්‍යා, අක්වෙරළ මුර යාත්‍රාව සහ ජේ.එස් සමිදරේ, මුරසමේ පන්තියේ නෞකාව ද සම්බන්ධ විය.

නාවික කටයුතු හා සන්නිවේදන ක්‍රියා පටිපාටි විධිමත් කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණයි. ඉන්දීය සාගර කලාපයේ සමුද්‍ර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය නිරන්තර සාගර අභ්‍යාසවල නිරතව සිටිති.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂිත ජාත්‍යන්තර නැව් ගමනාගමනය සහ වෙළඳාම සහතික කිරීම මෙම අභ්‍යාසයේ තවත් අරමුණකි.ඉන්දියාව සහ ජපානය අතර නාවික සහයෝගීතාවයට දිගු ඉතිහාසයක් පවති.

ඉන්දු- ජපන් සමුද්‍රීය ද්විපාර්ශ්වික නාවුක අභ්‍යාසය ඉන්දීය නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකාය අතර ඉන්දියාව 2012 ජනවාරි මස ආරම්භ විය.මෙහිදී සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අවසන් වරට දෙරට අතර අරාබි මුහුදේ නාවුක අභ්‍යාසයක් පැවැත්වූයේ 2021 ඔක්තෝබර් 6-8 දක්වා ය.

2021 දී බහුපාර්ශ්වික සමුද්‍ර අභ්‍යාස අදියර දෙකකින් පැවැත්විණි.ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ නාවික හමුදා සමඟ ජපානය ද වාර්ෂික මලබාර් අභ්‍යාසයට සහභාගී වේ.අභ්‍යාසයේ පළමු අදියර අගෝස්තු මාසයේදී පිලිපීන මුහුදේ සිදු කරන ලද අතර දෙවන අදියර ඔක්තෝබර් මාසයේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව සිදු කරන ලදී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මෙම වසරේ මැයි මාසයේදී ටෝකියෝ හි ඔවුන්ගේ රැස්වීමේදී ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික ආරක්ෂාව සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට එකඟ වී ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්