පූජිත ජයසුන්දර පොලිස්පති වීම ගැන වෙනස් කතාවක්!

Spread the love

IGP

පොලිස්පතිවරයා පත් කිරීම ව්‍යවස්ථා සභාවට අනුව සිදුවීම සුවිශේෂී කරුණකි. මන්දයත්, මෙය පෙර පොලිස්පතිවරයා පත් කෙරුණේ බලයේ සිටින ජනපතිවරයාගේ අත්තනෝමතයට නිසා ය. ජනපතිවරයා විසින් නම් තුනක් පොලිස්පති තනතුර සඳහා යෝජනා කර එවා තිබුණි. ඒ අතර වැඩ බලන පොලිස්පතිවරයාගේ නම ද සඳහන්ව තිබූ අතර ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරගේ නම යි.

සමාජ මාධ්‍ය ජාලවල පවා ජනප්‍රියත්වයක් උසුලන පූජිත ජයසුන්දර, මහත් වෙනසක් සිදු කරනු ඇතැ යි සමහරු සිතන බව පෙනේ. අපගේ හැඟීම නම්, එය එසේ නොවන බව යි. පද්ධතිගතව ඇති දූෂණයන්, ආයතනගතව ඇති අශිෂ්ඨත්වයන්, අවලස්සන දේශපාලන සංස්කෘතියක උරුමයන් තනි පුද්ගලයෙකුට වෙනස් කළ නොහැකි බව ඉතිහාසය විසින් නැවත නැවත උගන්වා ඇති කරුණකි. එසේ වුවත්, දේශපාලන ගැතිකමෙන් තොරව යම් මෙහෙයක් එම ආයතනයට කළ හැකි වීමේ ඉඩ-කඩක් නැති බව ඉන් අදහස් නොවේ.

අප වෙබ් අඩවිය මගින් නිතර නිතර කිවු පරිදි ශ්‍රී ලංකාවේ පොලිසිය ශිෂ්ටකරණය විය යුතු බව අවිවාදිත ය. නමුත් මේ තත්වය වෙනස් කළ හැක්කේ, ප්‍රබල දේශපාලන වෙනසකින් සේ ම ආර්ථික වෙනසකිනි. එමෙන් ම මුළු මහත් රට ම ඉලක්ක කරගත් මහා සංස්කෘතික පරිවර්තනයකිනි. කෙසේ වෙතත්, පොලිස්පතිවරයා පත් කිරීම වැන්නක දක්නට ලැබුණු පාරදෘෂ්‍යභාවය යහපාලනය අපේක්ෂා කරන ජනතාවගේ අමන්දානන්දයට හේතුවනු ඇත.

RSL

Related Posts