දූෂණ වංචාවලට ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා..මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී රාජිත පැනයයි..(වීඩියෝ)
- RSL
- June 14, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Rajitha Senarathne
- 0 Comments
මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.
එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව යද්දී ජනතාවගෙන් විරෝධය එල්ල විය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා ප්‍රකාශ කළේ මෙවැනි දේශද්‍රෝහී ඇමතිවරු එලවා දැමීමට පෙල ගැසිය යුතු බවයි.

