බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි.ඇමැති බන්ධනාගාරගත වෙයිද?
- RSL
- February 10, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Political
- 0 Comments
පුවතට මෙවැනි සිරසක් යෙදුවාට චෝදනා ඔප්පු වී මෙවැන්නක් කිසිදා සිදුවේ යැ යි විශ්වාසයක් ඇත්තේ නැත. පසුගිය රජයේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වූයේ වත්මන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න ය. ඔහු සිවිල් ගුවන්සේවා ඇමැති ධුරයේ සිටිය දී කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සිදුව ඇත.
බරපතළ මූල්‍ය අපරාධ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ඔහුගෙන් ප්‍රශ්න කළේ ය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් සිය පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ලබාගැනීම, නිවසේ පැවති උත්සවවලට ගුවන් සමාගමෙන් ආහාර පාන ලබාගැනීම, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදල් ඇතුළු තවත් පහසුකම් ලබාගැනීම යන චෝදනා ලබා ඇති ඔහු දැන් බන්ධනාගාර නි.ඇමැතිකම උසුලයි.
මේ තත්වය යහපාලනය යනුවෙන් හඳුන්වයි.
