විමර්ශන අවසන් කිරීමට බැඳුම්කර කොමිසමට තවත් කාලය!
- RSL
- September 11, 2017
- විමර්ශන
- Bond scam, presidential commission on bond issue
- 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලය තවදුරටත් දික් කිරීමට සිදුවනු ඇතැයි එම කොමිසමට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල සාක්‌ෂි විභාගයේදී හා විමර්ශන කටයුතුවලදී දිනපතාම පාහේඅ අලුත් සිද්ධි මතුවීම නිසා අනපේක්‌ෂිත ලෙස අලුත් සාක්‌ෂිකරුවන් කැඳවීමට සිදුවීමෙන් කොමිසමේ දින ගණනාවක්‌ම ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවීමයි.
මේ අනුව මෙට්‍රොපොලිටන් සමාගමේ සාක්‌ෂිකරුවකු සහ පර්පෙචවුවල් ට්‍රෙෂරීස් සමාගමේ සාක්‌ෂිකරුවන් දෙදෙනකු කොමිසම හමුවට කැඳවා සාක්‌ෂි ලබා ගන්නා ලදී. එය කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාගේ සාක්‌ෂි විමසීම අතරතුරය.
සාක්‌ෂි විභාග කටයුතු මේ මස අවසානය තෙක් සිදුකිරීමට සිදුව ඇති අතර ඒ අනුව වාර්තාව ලිවීම සඳහා ඉතුරු වන්නේ මසක් වැනි කාලයකි. කොමිසමේ මැන්ඩේට් කාලය ඔක්‌තෝබර් මස 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.
එම මසක කාලය වාර්තාව ලිවීමට ප්‍රමාණවත් නොවනු ඇතැයිද ඒ අනුව වාර්තාව ලිවීම සඳහා කොමිසමේ මැන්ඩේට් කාලය තවදුරටත් දික්‌කර ගැනීමට සිදුවනු ඇතැයිද පැවසේ. මේ තත්ත්වය තුළ එසේ අතිරේක කාලයක්‌ද ලබාගෙන නිර්දේශ සහිත කොමිෂන් සභා වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
කවරක් නමුත් කොමිසමේ සාක්‌ෂි විභාග කටයුතු මෙම මාසයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

