අපේ නිදා සිටි අලි අවදි කරමින් ජනාධිපති සිරිසේන අපිට විශාල ශක්තියක් ලබා දුන්නා
- RSL
- December 7, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Navin Dissanayake, President Maithripala Sirisena, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබූ මතවාද ඉවත් කර නිදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අවදි කරමින් අපේ පක්ෂය ශක්තිමත් කොට නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කාර්යය අදුර්ශ්‍යමාන සුවිශේෂී එකක් බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායාක පැවැසීය.
නවීන් දිසානායක මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් ඉකුත්දා පූඬළුඔය නව නගර ශාලාවේ පැවැති අවස්ථාව්දීය.
එහිදි එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මෙසේද පැවැසීය.
ගිය මාසේ 26 වැනිදා කළ දෙයින් අපිට පාක්‍ෂිකයෝ හැටියට හදවතට විශාල වේදනාවක් ඇති වුණා. තමුන්නාන්සේලාටත් එහෙමයි. අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ හැටියට එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට සෙතක් කරන්න යන සෑම අවස්ථාවකම මේ මනුස්සයා ඒක බ්ලොක් කරපු හැටි. අපි බලාගෙන හිටියා ක්‍රම ක්‍රමයෙන් එයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරන්න හදනවා. ආවේ නිර්පාක්‍ෂික ජනාධිපති කියලා. නමුත් ආව දවසේ ඉඳලාම එයා කළේ එ.ජා.ප.යට ගහන එක. ඉස්සෙල්ලාම ප්‍රාදේශීය සභා මැතිවරණේ මහ බැංකුවේ වාර්තාවක් කියලා කොමිසමක් පත් කරලා නායකතුමාට දිගින් දිගටම ගැහුවා. අපි ඉවසගෙන බලා හිටියා. මොකද අපිටත් උවමනාවක් තිබ්බා ආණ්ඩු බලය තියාගෙන එ.ජා.ප.යට වැඩක් කරන්න.
අද දින මේ මනුස්සයාගේ අශික්ෂිත ක්‍රියාවලිය නිසා අපේ පක්ෂය එකතු වෙලා.
මෛත්‍රිපාල සිරිසේන නිදාගෙන හිටපු අලි ටික කීද්දුවා. මේ අලි ටික ශක්තිමත් වෙලා ඉදිරියට ඇවිල්ලා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්න බැහැ කියලා මෛත්‍රිට කියන්න බැහැ. අපේ නායකයා කවුද? අපේ අගමැති කවුද කියලා තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පාක්‍ෂිකයෝ කියන එක පැහැදිලිව මම ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන අපිට මතභේද, ප්‍රශ්න තියෙන්න පුළුවන්.
එ.ජා.ප.යේ හොඳ දෙවැනි පෙළක් තියෙනවා. දෙවැනි පෙළක් ඉන්න වෙන කිසිම දේශපාලන පක්‍ෂයක් නැහැ. ඉහළින්ම අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා. එතුමා ජනප්‍රිය නායකයෙක්. මම ඉන්නවා. අද හැමෝම කියන්නේ සජිතුයි නවීනුයි මේ පක්‍ෂය භාර ගන්න ඕන කියලා. අපි එතැන්ට යමු. ඒක කාටවත් නවත්වන්න බැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පයින් ගහලා එළියට දාන්නත් බැහැ. යම්කිසි ක්‍රමවේදයකට ශිෂ්ටසම්පන්න විදියකට කතා කරලා ඒ ගනුදෙනුව අපි කරන්න ඕන. හැමදෙනාටම කාලයක් තියෙනවා. මෛත්‍රිපාල සිරිසේනට දැනුණා පෝෂණය වෙලා ශක්තිමත් වෙලා ඉදිරියට එන්නේ එක්සත් ජාතික පක්‍ෂය කියලා. ඒ නිසා තමයි මේ කැත වැඩේ කළේ.
මේ යකා අඩු ගාණේ ව්‍යවස්ථාවවත් කියවලා නැහැ. පුදුම ජනාධිපතිවරයෙක්. ජනාධිපති කෙනෙක්ට නීති උපදෙස් ගන්න නීති කණ්ඩායමක් තියෙන්න ඕන. මෙයාට හරි විදියට නීති උපදෙස් දෙන්නේ නැහැ. නැත්නම් එතුමා අංක ගණිතය, හෝඩියවත් දන්නේ නැහැ. එයා හිතුවා මහින්දව පත් කරලා අපේ මන්ත්‍රිවරු ටික බාගන්න. එයා හිතුවා රිෂාඩ්ලා රවුෆ්ලා කැඩෙයි කියලා. එයා හිතුවා මහින්ද රාජපක්ෂට ඒ පත්වීම ලබා දුන්නොත් ඒ ගැම්මත් එක්ක මේ 113 ගන්න පුළුවන් කියලා. හැබැයි 113 හදාගෙන නොවෙයි මහින්ද රාජපක්‍ෂව පත් කළේ. අපේ මන්ත්‍රිවරු එක්සිත්ව හිටියා.
මම පැහැදිලිව කියනවා මේ ඩීල් එකේ තිබ්බේ දෙවැනි පාරටත් එන්න පොහොට්ටුවේ ඡන්ද ටික මට අරන් දෙන්න. නඩු ටික මම බේරලා දෙන්නම්. ඕක තමයි සරලව ඩීල් එක. රාජපක්‍ෂ මහතා දුවලා ගිහිල්ලා අගමැතිකම ගත්තේ ඔය නඩු ටික බේරගන්න. අද පොහොට්ටුවත් දන්නවා මෛත්‍රිපාලට දිනන්න බැහැ කියලා. දිනන ජොකියෙක් අපි දාන්නේ. අපි පැහැදිලිවම ජනාධිපතිවරණයකට මුහුණ දීලා ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ පවිත්‍ර ආණ්ඩුවක් පිහිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා.

