අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට ජනපතිගේ අත්සන

Spread the love

2016 අංක 14 දරන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල (පිහිටුවීම-පරිපාලනය-කර්තව්‍යය ඉටුකිරීම) පනත ගැසට්‌ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20 දා) අත්සන් තබා ඇත.

ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය යටතේ එම පනත ගැසට්‌ කිරීම සඳහා යොමු කළ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලය බලගැන්වීමේ ඊළඟ පියවර වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය ඊයේ (20 දා) හිමිවූ බව විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා වන කාර්යාලයට සාමාජිකයන් බඳවා ගැනීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය හරහා ඉදිරියේදී සිදු කෙරෙනු ඇති බවත් රවි කරුණානායක මහතා එහිදී පැවසීය.

එහිදී ඇමැතිවරයා තවදුරටත් මෙසේද කීය.

පනතේ සංශෝධන කිහිපයක්‌ සිදු කරන්න තිබුණා. ජනාධිපතිවරයාගේ උපදෙස්‌ පරිදි එම සංශෝධන සිදු කළා. පනත නෛතිකව ක්‍රියාත්මක කර ගෙන යැම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබූවිට මෙය ස්‌වාධීන කාර්යාලයක්‌.

71 කැරැල්ල කාලයේදී අතුරුදන්වූවන් පිළිබඳවත් මෙම පනත මගින් සොයා බැලෙනවා. සීමිත කාලයක්‌ ගැන විතරක්‌ බලන්නේ නැහැ. සියලු කැරලි ආදී ගැනත් සොයා බලනවා.

RSL

Related Posts