රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්
- RSL
- November 15, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Anura Kumara Dissanayake, JVP, karu jayasuriya, President Maithripala Sirisena, Ranil Wickeramasinghe, UNP
- 0 Comments
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින් අර්ථ දැක්වීමට ගත් උත්සහය ජනාධිපතිවරයා විසින් මුළු මනින්ම ප්‍රතික්ෂේප කර ඇත.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල කථානායකවරයා විසින් නොසලකා හැර ඇති බව ජනාධිපතිවරයා පවසයි.
අද(14) විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහක් කර තිබේ.
මේ අතර අණ්ඩුක්රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුව විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට හෝ ආණුඩුවට බහුතරයක් ඇති බව හෝ තැති බව පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්රදායක් නොමැති බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබේ.
එමෙන්ම පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ, ටිපෙක්ස් යෙදූ කූට අත්සන් ලේඛනයක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට කථානායකවරයා ගත් උත්සහය ගැන ජනාධිපතිවරයා කනගාටු වන බව එම නිවේදනයේ දැක් වෙයි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.



