හිස්බුල්ලාගේ මඩකලපු විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යන්න ඉඩදෙන්න ජනපති සැරසෙයි!

Spread the love

මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය.

එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වී ඇති තොරතුරු අනුව සහ රටේ උද්ගත වෙමින් පවතින තත්වය මත මෙය ඒ.එච්.එම්.හිස්බුල්ලා වැනි ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දුන් අයෙකුගේ පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපනය කර ඇති මෙම විශ්වවිද්‍යාලය පවත්වාගෙන යැමට කුමන හෝ අයුරකින් ඉඩ දීම ජාතික ආරක්ෂාවට සහ රටේ ඉදිරි අනාගතයට දැඩි අවධානමකි.

RSL

Related Posts