යන්ත්‍රයයි, මන්ත්‍රයයි දෙකම අපේ අතේ
- RSL
- September 23, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ආණ්ඩු හදන යන්ත්‍රය සහ මන්ත්‍රය යන දෙකම තිබෙන්නේ අපේ අතේ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.
ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින්නේ සිය පක්ෂයට බව ද ජනාධිපතිවරයා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර වැලිගම නගර ශාලාවේදී පෙරේදා පස්වරුවේ පැවැත් විය.
මේ අතර පෙරේදා (21) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සමුළුවේදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් සිදු කළේය.

