ගෝඨාභයගේ ජනාධිපති සිහිනයට පෙර ජාත්‍යන්තරයට යා හැකි මගක් විවර වෙයි..!

Spread the love

පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම නිල නොලත් ගහලයා ලෙස කුප්‍රකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් යැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එමෙන්ම එම පැමිණිල්ල සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බවද වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණ අනුව විමර්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය තරම් කරුණු අනාවරණය වීම නිසා විමර්ශනයක් ආරම්භ කළ බවද පොලිස් මූලස්ථානය කියා සිටි.

මෙම විමර්ශනයේ ප්‍රතිථල අනුව ගෝඨාභය රාජපක්ෂට තම ජනාධිපති සිහිනයේ සැතපීමට ප්‍රථම කූට ලේඛන සැකසීම, ව්‍යාජ ගමන් බලපත්‍ර යොදාගනිමින් සංක්‍රමනික ජාවාරම් සිදුකිරීම ඇතුළු ජාත්‍යන්තර ගණනයේ අපරාධ කිහිපයට වග උත්තර කරුවකුව ජාත්‍යන්තර තලයේ අපරාධ කරුවකු ලෙස කිරුළු දැරීමේ අවස්ථාව උදාවීමේ වැඩි ඉඩකඩක් පවතී.

RSL

Related Posts