තමා උගත් පාසලට ගිය ජනපති තම සොඳුරු පාසල් අතීතය ස්මරණය කළ හැටි (වීඩියෝ)
- RSL
- March 30, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena
- 0 Comments
“ළඟම පාසල – හොඳම පාසල“ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල පන්ති කාමර ගොඩනැඟිල්ල විවෘත කිරීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා දශක කිහිපයකට පෙර මෙම පාසලේ සංගීත කාමරයේ සංගීතය උගත් හැටි යළි සියල්ලන් ඉදිරියේ ස්මරණය කරන්නට යෙදුනි.

එහිදී තම ජනාධිපතිධුරයේ ඔටුන්න මොහොතක අමතක කළ ජනාධිපතිවරයා සංගීත ගුරුවරයා සමඟ වාඩි වී සිසුන් සමඟ සුළු මොහොතක් ගත කළේ තනතුරු පදවිවලට එහා ගිය සුන්දර සැහැල්ලු අව්‍යාජ ජීවිතයක් තමා සතු බව පෙන්වමිනි.


