දෙවන වරටත් ජනපතිගේ නම ඉවතට

Spread the love

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යෝජනා කර එවූ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වතාවටත් පෙරේදා (23)ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා පස්වරුවේ රැස්විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සියලූ සාමාජිකයෝ ඒ රැස්වීමට සහභාගී වී සිටියහ.

අභියාචනාධිකරණ සභාපති ධූරය සඳහා තමා විසින් මීට පෙර එවා ප‍්‍රතික්ෂේප වූ නම සති දෙකකට පසු යළිත් වතාවක් සභාවට එවීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පියවර ගෙන තිබිණි.

අභියාචනාධිකරණ සභාපති පුරප්පාඩුව ගැන ව්‍යවස්ථාදායක සභාවේ දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු අතර ජනාධිපතිවරයා එවූ නම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය අනාවරණය කරමින් කථානායක මාධ්‍ය අංශය එවූ නිවේදනයේ මේ බව සඳහන් වේ.