ජනපති මෛත්‍රී පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරින් අනුනවයෙන් බේරෙයි! (වීඩියෝ)

Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දේශපාලනය කිරීම නිසා 1971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බවත්, තම ජීවිතය අනුනවයෙන් බේරුනු අයුරු ජීවිත අත්දැකීමක් ඇසුරින් ඊයේ(22) ශ්‍රී ලංකා පොලිසියේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාවරණය කර සිටියේය.

චේගුවේරා කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය.

පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ඨ දේවතාවන් විසින් තමන් බේරාගත්තේ යයිද ජනාධිපතිවරයා සදහන් කලේය.

කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

RSL

Related Posts