ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පෙරේදා (15) සිදු විය.
ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙහිදී සුවිශේෂී රහස් ලිපිගොනුවක් ජනාධිපතිතුමා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් එය රුසියානු ජනාධිපතිවරයා තම ආරක්ෂක නිලධාරියා අතරවත් පත් නොකර තම අතේම සාකච්ඡාවෙන් නික්ම යෑම මේ වන මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි අවධානයකට ලක්ව ඇත.
රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට සම්බාධක පනවා තිබෙන අතර, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.
එමෙන් ම නුදුරු දිනක දී ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපතිතුමා ව්ලැඞ්මිර් පුටින් මහතා වෙත ආරාධනා කළේය.