මෛත්‍රී, හේමා ප්‍රේමදාසටත් සළකයි
- RSL
- August 19, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Hema Premadasa, Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ.
පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ.
ජනාධිපතිවරයාගේ නිවාසවල අලුත්වැඩියා සහ ඉදිකිරීම් කටයුතු භාරව සිටින නාවික හමුදා අනුඛණ්ඩය මෙම නිවසේ ද ඉදිකිරීම් භාරව සිටී.
ඒ අනුව නිවස අලුත්වැඩියා කිරීමේ සැලසුම්, ඇස්තමේන්තු නාවික හමුදාව විසින්ම සකසා ඇති අතර දිනකට සෙබළුන් පස්දෙනා බැගින් එහි සේවයට යොදවා තිබේ.
මෙම නිවසේ ඉඩමේ තණකොළ පිඩලි ඇල්ලීම, ජනෙල් උළුවහු මාරු කිරීම, වහලය, සිවිලිම හා විදුලි පරිපථ වෙනස් කිරීම සඳහා අදාළ මුදල වෙන්කර ඇත.
මෙම නිවස මීට වසරකට පමණ පෙර හිටපු පොලිස්පතිවරයකු භාවිතා කළ නිල නිවස්නයකි. එය පසුව වසා දමා තිබුණි. නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය අඟහරුවාදා ආරම්භ වූ අතර, එදින හේමා ප්‍රේමදාස මහත්මිය එහි පැමිණ අදාළ කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළුන්ට උපදෙස් ලබා දී ඇත.
හේමා ප්‍රේමදාස මහත්මියට නිල නිවසක් රජය විසින් ලබා දී නොතිබූ අතර, ඇය පදිංචිව සිටියේ ඇල්බට් චන්ද්‍රවංකයේ පිහිටි ඔවුන්ගේ නිවසකය. අදාළ නිවසේ නඩත්තු කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරනු ලැබීය.
හේමා ප්‍රේමදාස මහත්මියගේ පුතා වන සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජයේ නිවාස ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියි.
-සැබෑ-

