ජනපතිගේ සමීපතමයෙකු වන ඉසුරගේ සැප පුටු ගැහිල්ල ජවිපෙන් නතර කරයි
- RSL
- August 12, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Isura Devapriya, Maithripala Sirisena
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය සමීපතම දේශපාලන සඟයෙකු ලෙස ප්‍රකට බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින්ම පත්කළ ඉසුර දේවප්‍රියගේ සෘජු මැදිහත් වීම සහ අවශ්‍යතාවය මත බස්නාහිර පළාත් සභාවට අට කෝටි දොලොස් ලක්ෂ පනස් දහසක් (රු. 81,250,000) මුදල් වැය කර පුටු 125ක් ගෙන්වීමට ඇති සූදානමක් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා සිදු කළ අනාවරණයෙන් පසුව එය තාවකාලිකව නතර කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.
එක් පුටුවකට හයලක්ෂ පනස් දහස (රු. 650,000) බැගින් මෙම පුටු ගෙන්වීමට සූදානම් කර ඇති බවත් එය නැවැත්වීමට වහාම මැදිහත්වන ලෙසත් දන්වා ලක්ෂමන් නිපුණ ආරච්චි මහතා විසින් ඊයේ (10) ආණ්ඩුකාරවරයා ලිඛිතව දන්වා තිබූ අතර එම ලිපිය මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමග මෙලෙස අධික වියදමකින් පුටු ගෙන්වීමට සමාජජාල ඇතුළු මධ්‍යවලිනුත් ජනතාවගෙනුත් දැඩි විරෝධයක් එල්ල විය.
ඒ අනුව මෙම සුඛෝපභෝගී පුටු ගෙන්වීම සම්බන්ධයෙන් රට තුළ දැඩි ආණ්දෝලනයක් ඇති විය.
කෙසේනමුත් මේ වනවිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ නියෝගයක් මත එම පුටු ගෙන්වීම තාවකාලිකව නතර කර තිබෙන අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව වාර්තා වේ.


