අකිලගේ කුප්‍රකට සැලැස්ම ජනපති නියමයෙන් නවතී
- RSL
- July 26, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- akila viraj kariyawasam, Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්සන්ට ලබා දීමට සැලසුම් කරන ලද උසස්වීම් 1014 ම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) තීරණය කළේය.
මෙම තීරණයත් සමගම වෘත්තීය සංගම් දොළහක් ඒකාබද්ධව අද (26) පැවැත්වීමට සැලසුම් කළ අධ්‍යාපන ක්ෂේත්රයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ද එම වෘත්තීය සංගම් නායකයෝ තීරණය කළහ.
උසස්වීම් ලබා දීමට නිර්දේශ කරන ලද තැනැත්තන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද එම කමිටුවේ නිර්දේශ මාසයක් ඇතුළත ලබා ගැනීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ජනාධිපතිවරයා ගත් මෙම තීරණ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් ඊයේම අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට ලිතව දැනුම් දී තිබේ.
උසස්වීම් සඳහා නිර්දේශ කර ඇති තැනැත්තන් සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුව ඉදිරියේ කරුණු දැක්වීමට අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සංගම් නියෝජිතයන්ට ද අවස්ථාව ලබා දෙන බව ජනාධිපතිවරයා වෘත්තීය සංගම් නායකයන්ට ඊයේ දැනුම් දුන්නේයග ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේ එම වෘත්තීය සංගම් නායකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයග ජනාධිපතිවරයා විසින් කැඳවන ලද එම සාකච්ඡාවේදී මෙම උසස්වීම් සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නායකයන් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ.
උසස්වීම් සියල්ල අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්සේකර හිමි, අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ ලේකම් ප්‍රභාත් විතාන, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝඅශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු වෘත්තීය සංගම් ක්‍රියාකාරීහු රැසක් සාකච්ඡාවට සහභාගි වූහ.
උසස්වීම් අත්හිටුවන ලෙසට ජනාධිපති ලේකම්වරයා අධ්‍යාපන ඇමැතිවරයාට යෑවූ ලිපියේ පිටපත් අගමැති ලේකම්වරයාට මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද යවා ඇත.
උසස්වීම් නතර නොකරන්නේ නම් ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග කටයුතු වර්ජනය කිරීමට ද වෘත්තීය සංගම් සැලසුම් කර තිබිණ.

