රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ දෙන්නේ නෑ

Spread the love

තමන් බලයේ සිටින තාක් රටට හානි දායක වන ආකාරෙයේ කිසිදු විදේශීය එකඟතාවයකට එළඹීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ දිනවල බොහෝ දෙනා අතර රටට අහිතකර සෝෆා, මිලේනියම් චැලේන්ජ්, ආදී ගිවිසුම් පිළිබඳව කතා බහට ලක්වන බවත් කෙසේ නමුත් රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් විදේශ බලවේග ලංකාව සිය කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට උත්සාහ කරන බවත් නමුත් කුමන බලවතෙකුය වුවද රට තුළට විත් රටට අභියෝගයක් වන ආකාරයෙන් බලපෑම් ඇති කිරීමට, රටේ ස්වාධීනත්වය නැති කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

RSL

Related Posts