ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17ක් ඇප වෙයි
- RSL
- October 2, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Election Commission
- 0 Comments
ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සදහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉන් අපේක්ෂයින් 09 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ මගින් ඇප තැන්පත් කර ඇති බවයි.
මේ අතර ලබන 03 සහ 04 යන දෙදින තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාර නොදී ලඟම ඇති මැතිවරණ කාර්යාලයට භාරදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරයි.

