ජනපති කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ ඖෂධවේදියා ක්ලාන්තය දමයි

Spread the love

නුසුදුසු පිළිකා එන්නත් රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (01) සාක්‍ෂි දෙමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදියකු හදිසියේ ක්ලාන්ත වීම හේතුවෙන් සාක්‍ෂි විමසීමේ කටයුතු සුළු මොහොතකට නැවැත්වීමට කොමිසමට සිදුවිය.

යහපාලන ආණ්ඩු සමයේ දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා සාක්‍ෂි ලබාදීම සිදුකරනු ලැබීය.

ආරම්භයේදී නිවැරැදි ලෙස සාක්‍ෂි දෙමින් සිටි සාක්‍ෂිකරු පසුව අසන ප‍්‍රශ්නවලට ඍජු පිළිතුරු නොදී වෙනස් පරස්පර විරෝධී කරුණු ප‍්‍රකාශ කිරීමට උත්සහ කළ අවස්ථාවේදී “අහන ප‍්‍රශ්නයට හරියට උත්තර දෙන්න වැල්වටාරම් අවශ්‍ය නැහැ” යැයි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්‍ෂිකරුට අවවාද කර ඇත. සාක්‍ෂිකරු එහිදී ක්ලාන්ත වී වැටෙන්නට යන අවස්ථාවේදී අසල සිටි පිරිස ඔහුව අල්ලා විත්ති කූඩුවෙන් බස්සවා අවශ්‍ය උපකාර කළ බව කොමිසමේ නිලධාරියකු පැවසීය.

ඉන් අනතුරුව සුළු වේලාවකින් යළිත් සාක්‍ෂි විමසීම ආරම්භ කරනු ලැබීය. හෙට (03) පෙරවරු 9.00 ට යළිත් සාක්‍ෂි ලබාදීමට ඔහුට කොමිසම හමුවේ පෙනී සිටීමට දැනුම් දුන්නේය.

ඖෂධ ගෙන්වන සමාගම් ලියාපදිංචි කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳව සාක්‍ෂි විමසීම සිදුවූ බවද හෙතෙම කීය.

RSL

Related Posts