රටේ ඉහළම තනතුරු කිහිපයක් වහා වෙනස් වෙයි

Spread the love

ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ ප්‍රධාන සහ බලගතු තනතුරු කිහිපයක් සඳහා නව බලධරයින් පත් කර ඇත.

ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.

මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.

මේ අතර රට තුළ පවතින ඉස්ලාම් ත‍්‍රස්තවාදී තර්ජන හමුවේ යළිත් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය සකී‍්‍රය කිරීමටද ඊයේ (29) රජය පියවර ගෙන ඇත.

ඒ අනුව ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප‍්‍රධානී ලෙස බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යපි‍්‍රය ලියනගේ පත්කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ නිලධාරියකු වූ මේජර් ජෙනරාල් සත්‍යපි‍්‍රය ලියනගේ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයට අමතරව යුද හමුදා ස්වේච්ඡුා බළසේනාවේ සේනාවිධායක ලෙස සහ සන්නාහ සන්නද්ධ බළකායේ බළකාධිපති ලෙසද කටයුතු කරනු ලැබීය.

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය නැවත සකී‍්‍රය කිරීමට රජය ගනු ලැබූ මෙම පියවරත් සම`ග රට තුළ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලූ ආරෂක අංශ කි‍්‍රයාත්මක කරන මෙහෙයුම් ඒ යටතේ මෙහෙයවීම සහ අධීක්‍ෂණය කිරීම සිදුවනු ඇත.