ප්‍රාඩෝ 200 බදු නැතිව නිදහස් කිරීම විමර්ශනය කළ රේගු අධ්‍යක්ෂ මාරු කරයි!
- RSL
- January 18, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports, Sri Lankan Government
- 0 Comments
නියමිත මිල ගණන්වලට අඩුවෙන් සඳහන් කරමින් ආනයනය කරන ලද ප්‍රාඩෝ රථ 200ක් බදු අය කරනොගෙන එමෙන් ම නිදහස් කර යැවීම අපි මෙයට පෙර වාර්තා කළෙමු. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට පවා ව්‍යාපාරික මුදල් අමාත්‍ය රවි කරුණානායකට සිදු විය. කෙසේ වෙතත්, ඒ නිදහස් කිරීමෙන් රජයට කෝටි ගණනක පාඩු සිදු විය.
මේ සිද්ධිය ගැන විමර්ශන භාරව සිටි රේගු අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇත. සාමාන්‍යයයෙන් රේගුවේ ඉහළ නිලධාරින්ට මාරු මණ්ඩලයක් මගින් ස්ථාන මාරු ලබා දුන්න ද මෙම නිලධාරියා මාරු කර යවා ඇත්තේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ම ය. එය යට කී විමර්ශනය අඩපණ කිරීමට බව සැකයක් නැත්තේ ය. මෙවන් කටයුතු කරමින් එකී පාලනය යහපාලනය යැයි නම් කරන්නන් ලජ්ජා විය යුතු ය.