පාතාල මිනීමරුවන්, ජාවාරම්කරුවන් සමඟ එක්ව මුදල් ඉපැයූ දේශපාලඥයන් 32ක්!
- RSL
- February 13, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
පාතාල කල්ලි සමගින් සම්බන්ධතා පවත්වමින් හා වෙනත් ක‍්‍රම මගින් අයුතු ලෙස මුදල් උපයා ගත් බවට චෝදනා එල්ල වී ඇති දේශපාලඥයන් හා රජයේ උසස් නිලධාරින් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 400ක් ගැන විමර්ශණ පවත්වන බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව සදහන් කරයි.
මෙම පිරිස අතර දේශපාලඥයන් 32ක්ද සිටින්නේ යයි කොමිසම කියා සිටී.
රාජ්‍ය නිලධාරීන්ට දේපල රැුස්කල හැකි වුවත් ඒවා රැස්කල ආකාරය හෙලිදරවු කිරීමට නීතියෙන් බැදී සිටින බවත් එම තොරතුරු වාර්ෂික වත්කම් වාර්තාව මගින් ආයතන ප‍්‍රධානීන්ට ලබා දිය යුතු බවත් කොමිසම පෙන්වා දෙයි.

