කසිප්පු ස්කාගාරයක් වටලයි
- RSL
- March 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙණිය ගෝගවල රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් පෙරේදා(19) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති බව අප වාර්තාකරු පවසයි.
එම රක්ෂිතය තුළ කාලයක් තිස්සේ මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර මෙම වැටලිමේදි කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක්, කසිප්පු මිලිලිටර් 2000, ගොඩා මිලිලිටර් 45000, පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරවන් බවත්, ඔහුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෙමම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේය.