පොලිසිය ‘ආවා ගෲප්’ වටලයි
- RSL
- May 10, 2016
- පුවත් සහ වාර්තා
- news, reports, Sri Lanka Police
- 0 Comments
දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට අනුකරණය කරමින් අධිවේගී යතුරුපැදිවලින් ගොස් කොල්ලකෑම්, කප්පම් ගැනීම් කපාකොටා තුවාල කිරීම් ඇතුළු දරුණු අපරාධ සිදුකරමින් මුළු යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටි “ආවා ගෲප්” සන්නද්ධ කණ්‌ඩායම යාපනය පොලිසිය මගින් ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් අතර ආවා ගෲප් කල්ලියට නායකත්වය දෙන සෙන්දුරන් සහ ඩන්රොක් යන පාතාල ප්‍රබලයන් ද සිටින බව පොලිසිය පවසයි.
‘ආවා ගෲප් කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ ඔවුන් පොලිස් නිලධාරීන්ට කඩුවලින් පහරදී පලායැමට උත්සාහ කර ඇත. එහෙත් පොලිස් නිලධාරීන් ඔවුන් සමඟ සටන් කර යාපනය නගර මධ්‍යයේදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
“ආවා ගෲප්” කල්ලියේ නායකයාව සිටි ‘ආවා’ නමැත්තා මීට වසර දෙකකට පමණ උඩදී අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු බන්ධනාගාරගත කර සිටින අතර මේ වන විට සෙන්දුරන් නමැත්තා ඊට නායකත්වය දෙමින් සිටී.