මඳුෂ් කොල්ල කෑ බවට සැක කරන කෝටි 700 දියමන්තිය සොයාගනී
- RSL
- March 5, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Diamond Robbery, Makadure Madush, Sri Lanka Police
- 0 Comments
පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී ජාත්‍යන්තර අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් ප්‍රමුඛ ඔහුගේ සහචරයින් විසින් කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බවයි පොලීසිය සඳහන් කළේ.
රුපියල් කොටි 700ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය පසුගිය නොවැම්බර් 05වනදායි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පන්සල් පාර, ගොඩාමුල් , පිටිගල ලිපිනයේ පදිංචි කැලුම් ඉන්දික සම්පත් නොහොත් නැලුමා නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද විමර්ශන අනුව මෙම දියමන්තිය බවට සැක කරන දියමන්තිය පානදුර , කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වි තිබේ.
තවද මෙම සැකකරුගේ පිටිගල නිවස පරික්ෂා කිරිමේදි සඟවා තිබු රුපියල් ලක්ෂ 150ක මුදලක්ද සොයා ගැනීමට එම නිලධාරින්ට හැකි වී ඇත.

