පොහොට්ටුව මහරගමින් විසිවෙයි; මහින්දගේ තවත් බලාපොරොත්තුවක් සුන්

Spread the love

මහරගම නගර සභාව සඳහා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ පිළිබඳ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තින්දුව ලබාදී ඇත.

මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරඟවැදිම නියමිතව සිටි අපේක්ෂකයන් 6 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටියේ තම නාමයෝජනා ලැයිතුවේ අන්තර්ගත ඉනෝකා රණවීර නම් අපේක්ෂිකාවගේ නම ඉදිරියෙන් පිරිමි යනුවෙන් සඳහන්වීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්බාර නිලධාරීනිය කටයුතු කර ඇති බවයි.

පෙත්සම්කාර පාර්ශවයේ සහ වගඋත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම ඊයේ (18) දිනයේ අවසන් කෙරිණි.

මේ සමඟම ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ තවත් බලාපොරොත්තුවක් බිඳවැටෙන අතර මහින්දට යම් ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට තිබූ ආසනයත් අහිමි වී ගොස් ඇත. ඒ අනුව මහින්දගේ තවත් පරාජයක් තහවුරු වී ඇත.