අපි වැඩ කරන්නේ ධර්මයට, ඔවුන් බෙර ගහන්නේ දේශපාලනයට

Spread the love

මට කොපමණ ‍දොස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත්, බෙර ගහන අය වැඩ කරන්නෙත් නෑ. සමහරු බුද්ධ ධර්මයටත් ඉහළින් ගොස් සිංහල බෞද්ධයන් ලියාපදිංචි කරනවා. බෞද්ධයෝ කවුද? බෞද්ධ නොවන අය කවුද කියා ලියාපදිංචි කරන්නේ ඒ අය යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ ඉදිකළ රන් වැට සසුනට පූජා කිරීමේ පුණේ‍යා්ත්සවයට පසුගියදා එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මේ වන විට රටේ ඇතැම් පාර්ශ්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කතා කරනවා. නමුත් අද මම ව්‍යවස්ථාව ගැන කතා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. හේතුව අලුත් ව්‍යවස්ථාවකුත් නැහැ. ව්‍යවස්ථා කෙටුම්පතකුත් නැහැ. ඒ නිසා නැති දෙයක් ගැන කතා කළ යුතු නැහැ.

නාගරික විහාරස්ථානවලට වඩා අෑත පිටිසර දුප්පත් ගම්මානවල විහාරස්ථාන වැඩිදියුණු කිරීමට ආධාර උපකාර ලබාගැනීම ප්‍රශ්නයක්ව පැවතුණා. ගම්දනව් රාශියක මුදල් උපයන්නට සිටි පුද්ගලයන් ඒ ගම්වල සිටියේ නැහැ. ඒ අය කොළඹ හෝ වෙනත් නාගරික ප්‍රදේශයකට ගොස් රැකියාව කරනවා. නැත්නම් මැද පෙරදිග යනවා. මේ නිසා අපේ ආදායම අඩු වෙනවා. ඔවුන් මුදල් එවන්නේ ගෙදරටයි. පන්සලට ආධාර ලබාදෙන්න කවුරුවත් නැහැ. මෙවැනි ප්‍රශ්න ගණනාවක් පවතිනවා.

අපි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ආරක්ෂා කරන්නටත් එය තව තවත් ව්‍යාප්ත කරන්නටත් කටයුතු කරන්නේ මෙවැනි පසුබිමක සිටයි. බොහෝ දෙනෙක් බුදු සසුනේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන්නේ ප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා නොවේ. වඩාත්ම ප්‍රසිද්ධියක් ලැබෙනවා නම් ලැබෙන්නේ ගමේදී පමණයි. බුදුදහම පිළිපදින්නටත් ආරක්ෂා කරන්නටත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ. අපට එසේ කරන්නට වුවමනා නැහැ. නියම බෞද්ධකමත්, සිංහලකමත් එයයි.

නියම සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නැහැ. අවාසනාවකට වගේ බෙර ගහන අය වැඩ කරන්නේ නැහැ. බෙර ගහන්නේ දේශපාලනයට, වැඩකරන්නෙත් ධර්මයට. අද සිදුවෙලා තිබෙන්නේ මෙයයි. මම මෙහෙම ප්‍රකාශ කළා කියලා අද රූපවාහිනි නාළිකාවල සාකච්ඡාවල මට බනින්න පටන් ගනීවි. නොයෙකුත් අය කැඳවලා මා විවේචනය කරන්න කටයුතු කරාවි. ඒ මොනවා කළත් මේකයි ඇත්ත. ඔය රූපවාහිනි නාළිකා කීයක් පන්සල්වලට උදවු උපකාර කොට තිබෙනවාද? මට කොපමණ ‍ෙදාස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත් බෙර ගහන අය වැඩ කරන්නේවත් නැති බවයි.

අද අපට උදාවී ඇති අවාසනාවන්ත තත්ත්වය මේකයි. කෙසේ වුවත් ඉදිරිපත් විය යුත්තේ බුදු දහම පිළිපැදීමට හා එය ආරක්ෂා කිරීමටයි. බුදු දහම ගැන මෙයට වඩා විග්‍රහයක් කළ යුතු අතර එය සිදු කළ යුත්තේ තනි තනිවයි. එසේම අපට තිබෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය වගේ උත්සවවලට සහභාගි වී සම්ප්‍රදායට අනුව වැඩකටයුතු කළ හැකියි. එම නිසා මේ අන්දමට නිශ්ශබ්දව තම ආගමික මෙහෙවර ඉටු කරන බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටම ස්තුති කරන්නට මම මෙය අවස්ථාවක් කරගැනීමට කැමැතියි.

RSL

Related Posts