බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි පරිසරයක් හදන බව කියන්නේ පසුගිය කාලයේ කළ පව්වලට සමාව ඉල්ලා දැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) ප්‍රශ්න කළේය.
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත්, එහි ජනපති අපේක්ෂකයා ලෙස ඔහුගේ සහෝදරයා පත්වීමත් තමා බලා සිටි බවද එහිදී ඇති වූයේ ජනතාවට නිදහස දීමක් නොව පවතින නිදහසද නැති කිරීමක් බවත් අගමැතිවරයා කීය.
මධ්‍යම පාන්තික ජනතාව සඳහා ජල්තර ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම ඊයේ මේ බව සඳහන් කළේය.
මෙම නිවාස ව්‍යාපෘතිය ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඉදිකර තිබූ අතර පේ‍්‍රමදාස මහතා සිදු කරන කාර්යභාරය සම්බන්ධව අගමැතිවරයා එහිදී දැඩි ප්‍රශංසාවකින් යුතුව කතා කිරීම විශේෂත්වයක් විය.
සිය කතාව අතරතුර එක් පාක්ෂිකයකු නැඟිට කොන්ද පණ ඇති නායකයෙක් ඕනෑ යැයි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ‘‘මෙතැන ඉන්නේ ඔක්කොම කොන්ද පණ තියෙන අය, ඒක වෙලාවට දෙන්නම් ’ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් කියා සිටියේය.