බලහත්කාරයෙන් අගමැති කමේ රැදී සිටින රනිල් නෙරපීම අරගල 3ක් ඔස්‌සේ – උදය ගම්මන්පිල
- RSL
- February 20, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Udhaya Gamanpila
- 0 Comments
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරගලය ව්‍යවස්‌ථානුකූල අරගලයක්, ජන අරගලයක් සහ අධිකරණ අරගලයක් ලෙස අරගල තුනක් ඔස්‌සේ ඉදිරියට ගෙන යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (19) පැවැසීය.
ව්‍යවස්‌ථානුකූලව සහ අධිකරණය මගින් මෙය පළමුව විස¹ගන්න උත්සාහ කරන බවත් ඉන් නොහැකි වුවහොත් මහා ජන අරගලයක් බවට එය පත්කරන බවත් හෙතෙම කීවේය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (19) එම අදහස් පළ කළේ පාර්ලිමේන්තු කමිටු කාමරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

