පොලිස් වෙඩි තැබීමට අනුබල දුන් 03ක් අත්අඩංගුවට

Spread the love

පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍යනාශක නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබල දුන් කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අහංගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අද කෑස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 09 වන දා රාත්‍රී 8.45 ට පමණ පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන්ට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් දැරියක් සහ පොලිස් නිළධාරියෙක් ඝාතනයට ලක්විය.

වෙඩි තැබීමෙන් තැබීමෙන් තවත් පොලිස් නිලධාරිහු දෙදෙනෙක් සහ සිවිල් වැසියෙක් තුවාල ලැබූහ.