PHI සංගමය සුභවාදී අපේක්ෂාවක

Spread the love

ලබන මස මුල් සතිය වන විට කොවිඩ්-19 ආසාදිතයන්ගේ තරමක අඩුවක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා මේ බව පැවසුවා. මෙහිදී ඔහු අවධාරණය කළේ කොවීඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත්ම කරුණක් වන බවයි.

සංචරණ නීති පනවා තිබියදී අතුරු මාර්ග භාවිතා කරමින් ජනතාව එක්රැස් වන බවට තොරතුරු වාර්තා වන බව ද කී ඔහු එවැනි අත්තනෝමතික ක්‍රියා මගින් තමන් පමණක් නොව තම සමීපතමයින් පවා අනතුරට ලක්වන බව එවැනි පුද්ගලයින් වටහාගත යුතු බව ද පැවසුවා.

Related Posts