ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් පෙත්සමක්!

Spread the love

උසාවියට අපහාස කිරීමේ චෝදනාවකට වසර 6 ක සිරදඬුවමක් නියමවූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව දී නිදහස් කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝග කරමින් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම්කර තිබේ. එසේ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ ප‍්‍රතිපාදනවලට අනුකූලවයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නඩු විභාගයකින් පසුව චෝදනාවකට වරදකරු වී සිරදඬුමකට යටත්වන එක් පුද්ගලයකුට පමණක් ජනාධිපති සමාවක් ලබාදී නිදහස් කිරීම නීතිය හමුවේ සැමට සමානව සැලකිය යුතු යැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 ‘1’ වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිය උල්ලංඝණය කිරීමක් බවයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව දීමට ජනාධිපති ගත් තීරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

Loading...

RSL

Related Posts