හැම වී කිලෝවකින්ම හැරිසන්ගේ සාක්කුව පිරෙයි (විශේෂ)

Spread the love

හාල් මිල අඩු නොවන්නේ රජය සතු වී තොග ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ තැරැව්කාරයින්ට දුන් නිසා යැයි පොළොන්නරුව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියි.

පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග නිකුත් කිරීමේදී තම සංගමයේ මෝල් හිමියන් 52කගේ නාම ලේඛනයක් ලබා දුන්නත් ඒ කිසිවෙකුට වී තොග නොලැබුණ බවත්, අදාළ වී තොග ලබාගත්තේ හැරිසන් ඇමැතිතුමා විසින් නිර්දේශ කල මෝල් හිමියන් 22ක් සදහා බවද ඔහු පැවසීය.

ඔවුන් කිසිවකු ක්‍රියාකාරී මට්ටටේ වී මොල් හිමියන් නොවන බවත් වී තොග ලබාගත් අය අමාත්‍යවරයාගේද, වී අලෙවි මංඩලයේ සභාපතිගේ සහ පොලොන්නරුව කලාප කළමනාකරුගේ තැරැව්කරුවන් බවට ඔහු චෝදනා කර සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“අනික තමයි ඉතිහාසයේ කවදාවත් නොවු ලෙස වී අලෙවි මංඩලයේ සතු වී තොග වෙළදපොලට නිකුත් කර තිබියදි සහල් මිළ ඉහල ගිය පලමු අවශ්ථාව තමයි මේක. එහෙම වුනේ මේ වී දුන්නේ මොල් තියෙන අයට නොවෙන නිසයි.”

“ අපි වී අලෙවි මංඩලයට රටේ පවතින වී මිල පිළිබද දැනුම් දුන්නා නමුත් වී අලෙවි මංඩලය කලේ ඔවුන් ගාව තිබුණ වී නාඩු කිලෝ 1ක් රුපියල් 43 – 44ත් සම්බා කිලෝ 1ක් රුපියල් 46 – 47ක් යන මිලකට දුන්නා. මේ මිළට ගත් ගත් තැරැව්කරුවෝ විවෘත වෙළදපොළෙ අද වී කිලෝ 1ක් රුපියල් 53 – 54ත් මිලක් වෙනවා.විවෘත වෙළදපොලේ වී මිලයි රජයේ වී මිලයි අතර පරතරය රුපියල් 10-12ක් විතර. ඒ නිසා වී කිලෝ එකකින් රුපියල් 10ක් අඩු මිළට රජයෙන් ලබා දුන් වී තොග වෙනත් මෝල්හිමියන්ට මේ තැරැව් කරුවෝ රුපියල් 10ක් තියාගෙන විකුණනවා.ඒ රුපියල් 10න් රුපියලක කොමිස් මුදලක් ග්‍රාමිය ආර්ථික සංවර්ධන කටයුතු පි හැරිසන් ඇමැතිටත් වි අලෙවි මංඩලයේ සභාපතිටත් සහ පොළොන්නරුවෙ කලාප කළමනාකරු වෙත ලබා දෙන පොරොන්දුව පිට තමයි මේ රජය සතු වී තොග හිතවත් තැරැව්කරුවන්ට ලබා දුන්නේ. රජයේ වී තොග ගත්තු අයට වී මිටි 300ක් කොටන්න දවස් කිපයක් යනවා. එහෙම කලාට ලොකු ලාභයක් නෑ. ඒ නිසා වී මිටි 300 වෙනත් මෝල්හිමියන්ට විවෘත වෙළදපොලේ මිළට විකුණපුවාම රුපියල් ලක්ෂ එකහාමාරක් ලැබෙනවා.”

RSL

Related Posts