හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්ට සිතාසි නිකුත් කරයි
- RSL
- January 11, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩු තුනකට අදාළ සාක්ෂි ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබේ.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ එම නඩුවල සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරව සිටි නිලධාරියා සාක්ෂිකරුවන් ලෙස නම් කරන බවයි.
ඒ අනුව ඔවුන් දෙදෙනා සාක්ෂි සඳහා කැදවිමට සිතාසි නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට සහ අදාළ නිලධාරියාට ලබන අප්‍රේල් මස 06 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2010 සිට 2012 දක්වා වසරවල වත්කම් සහ බැරපත් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.

