
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.
ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව පෙරේදා (07) වනවිට කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට සිංහල මවුවරුන් 835 දෙනකු විසින් පැමිණිලි කර තිබිණි.
පෙරේදා දිනයේ කුරුණෑගල රෝහල වෙත මව්වරුන් 20 දෙනකු සිය පැමිණිලි ඉදිරිපත් කළ අතර දඹුල්ල රෝහල වෙත පැමිණිලි 12 ක් ලැබී තිබිණි.
කුරුණෑගල රෝහල වෙත පැමිණිලි ලබාදෙන මවුවරුන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරමින් සිටිති.
Loading...