සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව යම් කුඩා සංවිධානාත්මක පිරිසක් විසින් බවත් එම නිසා සමස්ත සමාජ මාධ්‍ය පරිශීලකයන් සියල්ලටම චෝදනා එල්ල කරනවා වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා පවතින නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් ලබාදෙන ලෙසත් ජනපතිතුමාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ‘‘ශ්‍රී ලංකා පරිවර්තන සමූහය’’ පවසයි.
එහි සභාපතිවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
ජනපති විසින් ඊයේ දින ජනමාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප සමූහයේ අවධානය යොමුවූ අතර එතුමාගේ ප්‍රකාශයෙහි දැකගත හැකි වූයේ සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ පිරිසක් උගත්කමින් අඩු පිරිසක් බවය.
ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වශයෙන් අප සමූහය ජනපති විසින් සිදුකල එම ප්‍රකාශය තරයේ හෙලාදකින අතර අන්තර් ජාලය නොමිලයේ භාවිත කළ හැකි කලාප ප්‍රධාන නගර වල ඇති කිරීමට ‘මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප්‍රතිපත්තිය යටතේ කටයුතු කරන බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලිකයන්ගේ වටිනා චන්දය ලබාගෙන බලයට පැමිණි පසු තමාව බලයට ගෙනආ සමාජ මාධ්‍ය පරිශීලකයන් දැන උගත්කමින් අඩු පුද්ගලයන් යැයි හංවඩු ගැසීම කෙතරම් සාධාරණ ක්‍රියාවක්දැයි අප සමූහය එතුමාගෙන් විමසීමට කැමැත්තෙමු.
එතුමාගේ දින 100 වැඩසටහනෙහි පොරොන්දුවූ පරිදි “ජන වර්ග අතර හෝ ආගම් අතර අසමගිය, වෛරය, ආගමික නායකයින්ට අපහාස වන අයුරින් ක්‍රියා කිරීම හෝ ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා නීතිමය හා සමාජමය ක්‍රියාමාර්ග ගැනීම” යන වගන්තිය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීමෙහි වගකීම එතුමා භාරගතයුතු බවත් එතුමාගේ නොහැකියාවට සමාජ මාධ්‍ය ජාල අඩවි පලිහක් කරගෙන ජනතාව නොමග යැවීම වහාම නතරකලයුතු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට නැගෙන දැඩි විරෝධය මැඩලීමට සමාජ මාධ්‍ය ගිණුම්/සමූහ/පිටු වාරණයට ලක් කිරීමට සමාජ මාධ්‍ය ආයතන වලට පැවසීම වහාම නතරකල යුතු බවත් එතුමාට ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු.
තවද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව යම් කුඩා සංවිධානාත්මක පිරිසක් විසින් බවත් එම නිසා සමස්ත සමාජ මාධ්‍ය පරිශීලකයන් සියල්ලටම චෝදනා එල්ල කරනවා වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා පවතින නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් ලබාදෙන ලෙසත් එතුමාගෙන් ඉල්ලා සිටින අතර සමාජ මාධ්‍ය වෙබ් අඩවි පිලිබදව එතුමා තුල පවතින වැරදි ආකල්ප ඉවත්කරගන්නා ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිමු.