උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ රහස් සංචාරයක

Spread the love

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනය වෙත සැබෑ ලෙසින්ම පැමිණියේද යන සැකසංකා දුරු කරමින් චීනය මෙන්ම උතුරු කොරියාවද ඔහුගේ චීන සංචාරය සත්‍ය සිදුවීමක් ලෙස මේ වනවිට තහවුරු කර තිබේ.

විශේෂ රාජතාන්ත්‍රික දුම්රියකින් උතුරු කොරියාවේ ඉහළ පෙළෙහි රාජතාන්ත්‍රිකයෙකු චීනය වෙත පැමිණි පුවත ගෙවීගිය දින කිහිපය පුරා ලෝකය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය.

කෙසේ වෙතත්, මේ පිළිබඳ එවකට අදහස් පළ නොකිරීමට චීනය මෙන්ම උතුරු කොරියාවද කටයුතු කළ අතර චීන මාධ්‍ය පවා මේ පිළිබඳ සැකයකින් මාධ්‍ය වාර්තා කිරීම් දැකිය හැකි විය.

කෙසේ වෙතත්, මේ වනවිට චීනය සහ උතුරු කොරියාව කිම් ජොන්ග් උන්ගේ පැමිණීම තහවුරු කර ඇති අතර, එය ඔහු බලයට පැමිණි 2011 වසරින් පසුව විදෙස් රටක් වෙත සිදුකළ ප්‍රථම සංචාරය වීමද විශේෂත්වයකි.

එමෙන්ම, ඔහු චීනය වෙත පැමිණි විශේෂ රාජතාන්ත්‍රික දුම්රිය ඔහුගේ පියා විසින් මෙවැනි සංචාර සඳහා යොදා ගත් එකක් බවද කියැවෙයි.

චීනයේදීඋතුරු කොරියානු නායකයා වෙත ඉහළ පිළිගැනීමක් ලැබී ඇති අතර, ඔහු චීන ජනපති ෂී ජින්පිං සමග සුවිශේෂී හා සාර්ථක සාකච්ඡා වටයක් පවත්වා ඇති බවද කියැවෙයි.

මෙය උතුරු කොරියාව ඇමෙරිකාව හා දකුණු කොරියාව සමග සාකච්ඡා ආරම්භ කරන බවට වූ පුවත වඩාත් යථාර්ථයක් බවට පත් කරන්නක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

උතුරු කොරියානු නායකයා ලබන මැයි මාසයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසීමට සූදානමින් සිටියි.

මේ නිසාම උතුරු කොරියානු නායකයා සහ චීන නායකයා එම හමුවට ප්‍රථම මුණගැසෙනු ඇති බව දේශපාලන විචාරකයන් පුරෝකථනයන්ද ලබාදී තිබුණි.

මෙම නිල නොවන සංචාරයේදී උතුරු කොරියානු නායකයා විසින් චීන නායකයා වෙත තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හරින බවට සහතික වී ඇති බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

RSL

Related Posts