එළඹෙන මැතිවරණයේ දී රවීට නාමයෝජනා දෙනවාද..? රනිල්ගෙන් ප්‍රතිඥාවක් ඉල්ලයි.

Spread the love

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතිඥාවක් දිය යුතු බවට අභියෝගයක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද (22) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

බැඳුම්කර කොමිසම් වාර්තාව මඟින් රවී කරුණානායක මහතාට ඉතා බරපතළ චෝදනා එල්ල වී ඇති බවත් එවැනි පුද්ගලයෙකු තම පක්ෂයේ තබා ගැනීමට එරෙහිව අගමැතිවරයා විසින් ජනතාවට පූර්වාදර්ශයක් සැපයුතු බවත් ජි.එල්.පිරීස් මහතා පැවසීය.

රවි කරුණානායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය හොබවන බැවින් එක්සත් ජාතික පක්ෂයේ කෘතියාධිකාරි මණ්ඩලය ඉදිරියට ගොස් ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා සුදානම් දැයි ද ජි.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

නමුත් කිසි විටෙකත් අගමැතිවරයා රවී කරුණානායක මහතාට විරුද්ධ නොවන්නේ තම රහස් හෙළි කරනු ඇතැයි යන බියෙන් බව ද පැවසු පිරිස් මහතා රටම මේ පිළිබඳ බලා සිටින බව ද කියා සිටියේය.

RSL

Related Posts