රනිල්ට එරෙහි ඡන්ද විමසීම විවෘතව; ශ්‍රීලනිපයේ තීරණය චන්දිමගේ කටින් පනී

Spread the love

දැනට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම විවෘතව සිදුකිරීමට තීරණය කර තිබේ.

අද (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර රනිල්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කරන තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පවසයි.

කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.