ජානිපෙ ඉවත්වීම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට බාධාවක්‌ නොවෙයි

Spread the love

ජාතික නිදහස්‌ පෙරමුණ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීම මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ය කියන කාරණයට බාධාවක්‌ නොවන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09 දා) නිවේදනය කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීවේය. එහිදී විමල් විරවංශ මහතා මෙසේද කීය.

මම සහ ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියෙන් ඉවත් වෙන බව දැනුම්දීම නිසා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලයක්‌ නොවන බවට අප මතු කළ තර්කයට ඔබතුමා පසුව පිළිතුරක්‌ ලබා දෙන බව කිව්වා. ඒ ගැන මතය අද ප්‍රකාශ කරන්න පුළුවන්ද? නැතිනම් එම ප්‍රකාශය පසුව කරනවාද? කියා දැනගන්න කැමතියි.

කථානායක – මම ඒ ගැන සොයා බැලුවා. ඔබ කණ්‌ඩායම ඉවත්වීම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ කටයුතුවලට බාධාවක්‌ නොවන බවට මට නීති උපදේශකයන් දැනුම් දී තිබෙනවා.

විමල් විරවංශ මහතා – ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලය මුළු පාර්ලිමේන්තුවම වෙනවා කියලා ලේඛනයක්‌ තියෙනවා. දෙසිය විසි පස්‌ දෙනාම සිටිය යුතුයි. ඒ හැඳින්වීමේ වලංගුභාවයක්‌ නැද්ද? අපි පස්‌ දෙනා ඉවත්වීම නොවෙයි පනහක්‌ ඉවත් වුණත් බාධාවක්‌ නැහැ කියලද කියන්නේ?

සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා – රැස්‌වෙන මන්ත්‍රීවරුන් කියන අදහස තමයි මෙතනදී තියෙන්නේ.

විමල් විරවංශ මහතා – මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක්‌ එකතුවුණත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ වෙනවාද

සභානායක – තුනක්‌ හතරක්‌ රැස්‌වීම වලංගු නෑ.

කථානායක – ඔබ කණ්‌ඩායම ඉවත් වුණත් එය ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලයක්‌ ලෙස හැඳින්විය හැකි බවට තමයි මට උපදෙස්‌ ලැබිලා තියෙන්නේ.

විමල් වීරවංශ මහතා – ඔබතුමා ඔහොම උපදෙස්‌ දෙන අයගෙන් ප්‍රවේසම් වෙන්න

කථානායක – පිළිගත් අයගෙන් තමයි මම උපදෙස්‌ ගන්නේ

විමල් විරවංශ මහතා – ඒක තමයි ප්‍රශ්නේ.

සභානායක – පිළිගත් අයගෙන්…. පිළිගත් අයගෙන් …..මේ අපි වගේ…..

RSL

Related Posts