අලුත් ක්‍රමයකට අද්මිරාල් සරත්, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාගේ පව් සමා කරයි
- RSL
- September 14, 2017
- FB මාත්‍රාව
- admiral sarath weerasekara, Field Marshal Sarath Fonseka, Rav.Alle Gunawansha
- 0 Comments
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊට විරෝධය පාමීන් ගෝඨාභය රාජපක්ෂගේ ඊනියා රණවිරු සංදර්ශකයින් කණ්ඩායම ඊයේ(13) අති දැවැන්ත [ජායාරූප: දැවැන්ත කියන්නේ සූ ගාලා ආපු දේශප්‍රේමීන් 20 ක 25 කගේ වගේ පිරිසක්] විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
ඔවුන් පවසන පරිදි එහිදී සිදු වී සුවිශේෂීම සිදුවීම නම් අද්මිරාල් සරත් වීරසේකර විසින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට වැඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහා සංඝරත්නයට කළා යැයි කියන නිග්‍රහයට අඳාල පව් සමා කිරීමයි.
අනුන් කළ පවක් වෙනකෙකු විසින් සමා කිරීමේ හෝ පව් සමා කිරීමේ ක්‍රමයක් බුදු දහමේ නොතිබූ අතර සරත් වීරසේකර ලා විසින් මෙලෙස පව් සමා කිරීමේ අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව ගරුතර මහා සංඝරත්නය විසින් සොයා බලන්නේ නම් යහපති.




