ගිය අය යළි හැරෙයි; ජනපති මෛත්‍රී-අගමැති මහින්ද බහුතරය සමඟින් නව ගමන ඇරඹෙයි!
- RSL
- November 18, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- President Maithripala Sirisena, Prime Minister Mahinda Rajapaksa
- 0 Comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “තමා කුමන තත්වයක් යටතේ වුවද, කිසිලෙසකින්වත් රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත්නොකරන බවට” ලබාදුන් ප්‍රතිඥාව මත ජනපති මෛත්‍රී-අගමැති මහින්ද ප්‍රමුඛ භාරකාර ආණ්ඩුවට බහුතරය පෙන්වීම සඳහා ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් යළි පැමිණීම ආරම්භ වී ඇත.
කථානායක කරු ජයසුරිය තම බළල් අත කරගනිමින් එක්සත් ජාතික පක්ෂ අසහාය නායක රනිල් වික්‍රමසිංහ විසින් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල මේ වන විට පරාජය වී තිබේ. තමාගේ කම්කරුවා කරගත් කරු යොදා දිගින් දිගටම පාර්ලිමේන්තුව රැස් කර කූට ලේඛන සකසා විශ්වාස භංග සම්මත වූවා යැයි පවසමින් ජනාධිපතිවරයා වෙත යැවීමේ උත්සහය මේවන විට මුළු මනින්ම අසාර්ථක වී ඇති අතර මේ හේතුවෙන් රනිල්ගේ කේවට්ටයින්ද දැඩි කළකිරීමකට පත්ව තිබේ.
දිගින් දිගටම පාරිමේන්තුව රැස් කරමින් ගුටි කෙළගනිමින් රනිල් වැන්නෙකු වෙනුවෙන් කාලය කා දැමීමේ වැඩක් නොමැති බවත්, ජනාධිපතිවරයා සමඟ එක්වෙමින් නව ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට සහය දැක්වුවහොත් අවම තරමේ තමන්ගේ විශ්‍රාම වැටුපවත් ඉතිරි වන බව එජාපයේ පසුපෙළ නවක මන්ත්‍රීවරුන් පවසා ඇත. එසේම පසුගියදා ආණ්ඩුවට පැමිණ, අනතුරුව ඇමතිධුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් යළි බහුතරය පෙන්වීමට අවශ්‍ය පසුබිම සකස් වූ සැනින් යළි ආණ්ඩුවට එක්වීමට සූදානම් බව පවසා ඇත.
මේ තත්වය හමුවේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නව භාරකාර ආණ්ඩුවට සහය දැක්වීමට ඊයේ(17) මධ්‍යම රාත්‍රීය වන විට සාකච්ඡාවට දෙකක් පවත්වා ඇති අතර ඒවා ඉතා ධනාත්මකව අවසන් වී ඇතිබවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

