නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි
- RSL
- January 23, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- M A Sumanthiran, Opposition Leader Mahinda Rajapaksa, Prime Minister Ranil Wickramasinghe, Ranil Wickeramasinghe
- 0 Comments
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර සිකුරාදා දිනවල ඉස්ලාම් දේවස්ථාන තුළ ආගමික කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබද මෙහිදී දැනුවත් කෙරුණි.
අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ, නව ව්‍යවස්ථාව තුළින් සිදුවන්නේ ජාතීන් සියල්ල රැවටීමක් පමණක් බවත්, සියලු ජාතීන් අතර සමගියක් පැවතිය යුතු බවත්, ව්‍යවස්ථාවක් අවශ්‍ය වුවත් කුමක් ද අවශ්‍ය ව්‍යවස්ථාව යන්න අද වන විට ගැටළුවක්ව පවතින බව ද මෙහිදී කියා සිටියේය.

