ජනාධිපතිවත් රවටා, කෝටි ගණනක් වනසලා! නෙවිල් ප්‍රනාන්දු කට අරී.. (Video)

Spread the love

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඔහු විසින් රජයට පවරා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා විසින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරමින් සිදුකළ සංදර්ශනය බොරු ප්‍රෝඩාවක් බව නෙවිල් ප්‍රනාන්දු විසින් දමා ඇති පුවත්පත් දැන්වීමකින් සහ සිදුකර ඇති ප්‍රකාශයකින් තහවුරුවේ.

මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ව්‍යාජ ක්‍රියාවක්‌ බවත්, මේ තුළින් මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුව ඇති බවත් එබැවින් සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගත යුතු බවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (16) පැවැසීය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අලෙවි කිරීමට මේ වනවිට තීරණය කර ඇති බවත් එසේ කර ඇත්තේ රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදල ගෙවීමේ අරමුණින් බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති බවත් හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විඡේරත්න මහතා මෙසේද කීය.

දැන් මේ නෙවිල් ප්‍රනාන්දු ඉදිකරන්න රුපියල් බිලියන දෙකහමාරක ණය මුදලක්‌ අරන් තියෙන අවස්‌ථාවක තමයි මේක රජයට පවරාගෙන තියෙන්නේ. මෙහෙම ණය මුදලක්‌ තියෙද්දී කොහොමද මේක රජයට පවරා ගත්තේ. ඒ නිසා මෙතන මදල් අක්‍රමිකතාවක්‌ එහෙම නැත්නම් මුදල් අවභාවිතාවක්‌ සිද්ධ වෙලා තියෙනවා. කියා අප සිතනවා. සෞඛ්‍ය ලේකම්වරයා දැනගන්න ඕනෑ ණය මුදලක්‌ ගත්තු රෝහලක්‌ රජයට පවරා ගන්න එක නීති විරෝධීයි කියන කාරණාව. ඒ නිසා දෙමාපිය සංසදය හැටියට අප කියන්නේ මේ සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගන්න ඕන කියලයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් බවට රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවැති සිසු විරෝධතාව අතරතුරදීය.

පසුගිය ජුලි මස 17 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අතර ඊට අදාළ ගිවිසුමක්‌ ද අත්සන් තැබිණි.

RSL

Related Posts