රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)
- RSL
- January 29, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- Mahinda Rajapaksa, Maithripala Sirisena, Opposition Leader Mahinda Rajapaksa, President Maithripala Sirisena, SLFP, SLPP, wimal weerawansa
- 0 Comments
දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා මිලේනියම් කෝපරේෂන් නැමැති අමෙරිකානු ආයතනයකට මෙරට ඉඩම් අක්කර තිස්දහසක් ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇතැයිද, ගොවීන්ගේ කෘෂිකාර්මික ඉඩම් ආර්ථික තීරුවක් ස්ථාපීත කිරීම සඳහා පවරාගැනීමට කූඨ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විමල් වීරවංශ පැවසීය.
මේ අතර අමෙරිකාවට අක්කර 30,000ක ගුවන් හමුදා සේවා කඳවුරක් ඇතුළුව ඉඩම් ලබාදීමට එකඟ වුයේ නිකන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් පැවසීය.

