නවීන් සහ ගෝඨාභය අතර හමුවක්
- RSL
- March 20, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Gotabaya Rajapaksa, Navin Dissanayake
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වත්මන් එජාප රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේදී හමුවී තිබේ.
“දායකාභිමානී” නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම දෙපල සහභාගී වී ඇති අතර මෙහිදී අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද කතාබහක් සිදුව ඇත.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන බවට පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණු අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කරු ජයසුරිය මහතා පැමිණිමේ ඉඩකඩක් පවතින බවටද වාර්තාවේ. කරු ජයසුරිය මහතා නවීන් දිසානායක මහතාට ඥාතිමය වශයෙන් බෑනා වෙයි.


